Home උණුසුම් පුවත් “මේ වැඩපිළිවෙළ එපා කියන කවුරු බලය ගත්තත් ආණ්ඩුව දුවන්න පුළුවන් සති දෙකයි”

“මේ වැඩපිළිවෙළ එපා කියන කවුරු බලය ගත්තත් ආණ්ඩුව දුවන්න පුළුවන් සති දෙකයි”

“මේ වැඩපිළිවෙළ එපා කියන කවුරු බලය ගත්තත් ආණ්ඩුව දුවන්න පුළුවන් සති දෙකයි”

වර්තමාන වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණක් වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකු වේනම් මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරය පිළිබඳව රටට කරුණු පැහැදිලි කළ යුතු බව හෙතෙම කියාසිටී.

කිසිදු දේශපාලන විසඳුමක් නොමැති මේ ආර්ථික අර්බුදය හමුවේ සියලු ජාති ආගම් භේද මගහැර රටේ දියුණුව ප්‍රාර්ථනා කරන ජනතාව එකට එක් වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අක්කරේපත්තුව ඩිපෝව යටතේ 2005 වසරේ සිට උප ඩිපෝවක් වශයෙන් ක්‍රියාත්මක වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කිරීම සහ ඩිපෝවේ නවීකරණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here