දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අද (21) සවස 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
බදුල්ල, හම්බන්තොට ,මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.