Home උණුසුම් පුවත් බාල එන්නත් මිලදීගැනීම: වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කෝ 4ක් අත්අඩංගුවට

බාල එන්නත් මිලදීගැනීම: වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කෝ 4ක් අත්අඩංගුවට

0
බාල එන්නත් මිලදීගැනීම: වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කෝ 4ක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here