කෘත්‍රිම බුද්ධි (Artificial intelligence) නියාමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය එකඟතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත්සේවය වාර්තා කරයි.
ඒ අනුව අදාල එකඟතාවයට අදාලව ඒකාබද්ධ පත්‍රිකාවක් සකස් කර ඇති බවත් එමගින් යුරෝපීය මට්ටමින් සාකච්ඡා වේගවත් කිරීමට අපේක්ෂා කරමින් සිටින බවද එම පුවත් සේවය අනාවරණය කරයි.
මෙහිදී රාජ්‍ය ආයතන විසින් ස්වයං නියාමනය මගින් ආචාර්ය ධර්ම පවත්වාගෙන යාමට සහය දක්වා ඇති අතර පරීක්ෂා නොකළ සම්මතයන්ට විරුද්ධ වීමටද එකවී ඇති බවට අදාල පත්‍රකිව මගින් අනාවරණය වන බවද වාර්තාවේ.
ඒ අනුව අදාල ඒකාබද්ධ පත්‍රිකාවේ පිටපත් තමන්ට දැක ගැනීමට හැකියාව ලැබුණු බවද රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත.
අදාල කෘත්‍රිම බුද්ධි පනත මගින් කෘත්‍රිම බුද්ධි යෙදා ගැනීම සහ භාවිතා කිරීම නියාමනය කිරීමක් පමණක් සිදුකරණ බවත් තාක්ෂණය කිසිඳු සීමා පැනවීමක් නොකරන බවද අදාල ඒකාබද්ධ පත්‍රිකාව සඳහන් කරයි.
ඒ අනුව කෘත්‍රිම බුද්ධි යොදා ගැනීම තුළ නෛසර්ගික අවදානමක් පවතින බවත් තාක්ෂණය තුල එවැන්නක් නොපවතින බවද අදාල පත්‍රිකාව මගින් අධාරණය කර ඇති බවද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව මේවන විට යුරෝපා කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව විසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ එහි භාවිතයන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මේවන විට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතී.
මේ අතර ලොව පුරා තාක්ෂණික දැවැන්තයින්ද කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර මේවන විට ඒ සම්බන්ධයෙන් යම් යම් සීමා පැනවීම් කළයුතු බවටද විශාල පිරිසක් හඬ නඟමින් සිටියි.