Home උණුසුම් පුවත් කාර් එකෙන් ගිහින් ගෙවල් කොල්ලකෑ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා කොටුවෙයි

කාර් එකෙන් ගිහින් ගෙවල් කොල්ලකෑ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා කොටුවෙයි

0
කාර් එකෙන් ගිහින් ගෙවල් කොල්ලකෑ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා කොටුවෙයි
Close-up Focus on Person's Hands Typing on the Desktop Computer Backlit Keyboard. Screens Show Coding Language User Interface. Software Engineer Create Innovative e-Commerce App. Program Development

මෝටර් රථයකින් ගොස් නිවෙස් හා වෙළඳ සැල් බිඳ දේපොල සොරාගැනීම් කරනු ලබන කල්ලියක් ගැන විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 27ක් වයසැති පන්නිපිටිය තලපත්පිටියේ පදිංචිකරුවෙක් වන මෙම මෘදුකාංග ඉංජිනේරුවාරයාට මෙවැනි සොරකම් සම්බන්ධයෙන් නඩු 21ක් රටපුරා අධිකරණවල ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. මෙම සැකකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 05ක්ද නිකුත්කර තිබී ඇත.

මෙම සැකකරුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී බව පොලීසිය කියයි.

සොරකම් සඳහා ගමන් කිරීමට යොදාගත් මෝටර් රථය පවා සොරාගත් එකක් බවත් එම මෝටර් රථය ඇතුළු සොරාගත් මෝටර් රථ 03ක්ද, යතුරුපැදි 05ක්ද රන් භාණ්ඩ තොගයක්ද, පරිගණක උපාංග, නිමි ඇඳුම් ඇතුළු දේපොල රැසක්ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාලබේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැලණිය, හොරණ, අළුබෝමුල්ල, දෙහිවල සහ කිරුලපන යන පොලිස් ස්ථානලට වාර්තා වී ඇති නිවෙස් බිඳුම් හා සොරකම් මෙන්ම වෙළඳ සැල් බිඳ දේපොල සොරාගැනීම් රැසකට මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් කර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here