තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කමිටුවලට පිටස්තරයන් ඒම -ලිපි ගනුදෙනු ගැන කථානායකගෙන් තීරණයක්

    කමිටුවලට පිටස්තරයන් ඒම -ලිපි ගනුදෙනු ගැන කථානායකගෙන් තීරණයක්

    පාර්ලිමේන්තු කාරක සභා සඳහා කිසියම් බාහිර පුද්ගලයෙකු කැඳවන්නේ නම් ඊට තමාගේ අවසරය ලබාගැනීම අනිවාර්ය බව කථානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දී තිබේ.

    ඒ සඳහා පූර්ව ලිඛිත අවසරයක් ගත යුතු බව ඔහු නිවේදනය කර ඇත.

    එමෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කරුණු කිහිපයක් සිහිපත් කිරීමට කථානායකවරයා අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී නිවේදනය කර සිටියේය.

    කාරක සභා සභාපතිවරයා තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු කිරීමේ ප්‍රවණතාවක් පිළිබඳ තමා වෙත විවිධ අවස්ථාවල දී කරුණු වාර්තා වී ඇති බව මෙහිදී කතානායකවරයා හෙළිකළේය.

    ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායන් සහ පරීක්ෂණ ආරක්ෂා කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග විධිවිධානවලට අනුව බැඳී සිටින බව ද කතානායක වරයා මෙහිදී අවධාරණය කළේය.

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරයා විසින් කාරකසභාවේ වැඩකටයුතු කිරීම සම්බන්ධීකරණය සහ උපදේශන කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කතානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව හෙතෙම මෙහිදී නිවේදනය කළේය.

    තවද කාරක සභාවක වැඩ කටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, විවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත්නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත් පාර්ලිමේන්තුවේ ගෞරවයට අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් කථානායකවරයා මෙහිදී කීය.

    එමෙන්ම ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරකසභා නාමය සහිත නිල ලිපිශීර්ෂ අදාල කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කරන ලෙසත් කතානායකවරයා මෙහිදී දන්වා සිටියේය.

    කාරක සභාවේ නිල ලිපිශීර්ෂ සිය පෞද්ගලික හෝ දේශපාලන කාරණා සඳහා යොදානොගන්නා ලෙසද කතානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවවත් කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කැඳවූ අවස්ථාවේදී කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා කමිටු කාමරයේ රැඳී සීටීම පිළිබඳ පසුගිය දිනවල අයවැය විවාදය අතරතුර විපක්ෂනායකවරයා ප්‍රශ්න කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img