Home උණුසුම් පුවත් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ගිය රථය අනතුරක -2ක් රෝහලේ

නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ගිය රථය අනතුරක -2ක් රෝහලේ

0
නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ගිය රථය අනතුරක -2ක් රෝහලේ
file photo

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ගමන් කරමින් තිබුණු නිල රථය යතුරු පැදියක ගැටී ඊයේ සවස අනතුරකට ලක්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අක්කරපත්තුව – අම්පාර මාර්ගයේ කොතතාවලි හංදියේදීය.

KS 6008 දරණ ආණ්ඩුකාවරයා ගමන් කරමින් තිබුණු රථය යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදිකරු හා එහි ගමන්කරමින් සිටි පසුපැදිකරු තුවාල ලබා ඇතැයි මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එරගම පොලීසිය කියයි.

මෙම අනතුරින් යතුරු පැදියට මෙන්ම ආණ්ඩුකාරවරයාගේ නිල රථයටද හානි සිදුව ඇත.

ආණ්ඩුකාරවරයාගේ නිල රථයේ රියදුරු මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස්කර තිබේ. එම රියදුරා කෙලවරපිටියේ පදිංචිකරුවෙකි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අඩ්ඩාලච්චේන රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකටද ඊයේ සහභාගිවී ඇත. එම ගොඩනැගිල්ල අංග සම්පූර්ණ නොකර විවෘත කිරීමට එරෙහිව විවෘත කිරීම සම්බන්ධයෙන් රෝහල ඉදිරිපිට ඊයේ ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයක්ද තිබී ඇත.

photo – File photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here