Home උණුසුම් පුවත් මුහුදට ගිය බෝට්ටුවක් පෙරළෙයි – විදේශිකයකු සමඟ 4ක් බේරාගනී

මුහුදට ගිය බෝට්ටුවක් පෙරළෙයි – විදේශිකයකු සමඟ 4ක් බේරාගනී

මුහුදට ගිය බෝට්ටුවක් පෙරළෙයි – විදේශිකයකු සමඟ 4ක් බේරාගනී

මාරවිල මුහුදුකටුව ප්‍රදේශයේදී මුහුදට ගිය බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ජපන් ජාතිකයෙකු ඇතුළු සිව් දෙනෙකු බේරාගෙන ඇතැයි වාර්තා වේ.

විදේශිකයෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මසුන් ඇල්ලීම සඳහා කුඩා ඩිංගි යාත්‍රාවකින් මුහුදට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරට හේතුවී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය බව සඳහන් ය.

පෙරළුණු බෝට්ටුවේ හිමිකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත.

ගොඩබිම සිටි ධීවරයෙකුට දුරකථන පණිවිඩයක් මගින් හදිසි තත්ත්වය දැනුම් දීමට බෝට්ටුව මෙහෙයවූ පුද්ගලයන් සමත් වී ඇත.

ප්‍රදේශවාසීන් පිරිසක් වහා අනතුර වාර්තා වූ ස්ථානයට පැමිණ බෝට්ටු ක්‍රියාකරු බේරාගෙන ආරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කර තිබේ.

නාවික හමුදාවේ සහය ඇතිව දියත් කළ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසු අතුරුදන් වූ බෝට්ටුවේ සිටි ඉතිරි සිව්දෙනා බේරා ගත් බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here