ඇමරිකා එක්සත් ජනපදයෙන් එල්ල වූ බලපෑම් මත ඊශ්‍රයාලය විසින් ගාසා තීරය වෙත දිනකට ඉන්ධන රැගත් බවුසර් දෙකකට ඇතුළු වීමට අවසර දීමට පියවර ගෙන තිබේ.
මෙම ඉන්ධන රැගත බවුසර මගින් ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන කණ්ඩායම් වලට ගැටුම් වලින් විපතට පත් ජනතාවට සහන සැලීමට පහසුකම් සලසනු ඇත. ඉතිරි දුරකථන සහ අන්තර්ජාල සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා ලබා දෙනු ඇති බවටද වාර්තාවේ.
මේ අතර ගාසා හී දුරකථන සන්නිවේදන පහසුකම් සපනයන සමාගම සඳහන් කර ඇත්තේ තමන්ට ඉන්ධන ලැබීමත් සමඟ සේවා සැපයීම යලිත් ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බවයි. ඒ අනුව පසුගිය දින කීපයේදී බිද වැටී තිබූ සන්නවේදන කටයුතු යලිත යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලබැණු බවද ඔවුන් සඳහන් කරයි.
කෙසේවෙත්ත් ගාසා හී තත්ත්වය මේවන විට දරුණු අතට පත්ව ඇති අතර සෞඛ්‍ය පහසුකම් සැපයීමට නොහැකි වීමෙන් විශාල පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.