Home උණුසුම් පුවත් ඇලෝසියස් ක්‍රීඩා උපදේශකට සහ සිසුන්ට පහරදුන් ක්‍රීඩා සංගම් සාමාජිකයින් අත්අඩංගුවට

ඇලෝසියස් ක්‍රීඩා උපදේශකට සහ සිසුන්ට පහරදුන් ක්‍රීඩා සංගම් සාමාජිකයින් අත්අඩංගුවට

0
ඇලෝසියස් ක්‍රීඩා උපදේශකට සහ සිසුන්ට පහරදුන් ක්‍රීඩා සංගම් සාමාජිකයින් අත්අඩංගුවට

රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකට සහ සිසුන් දෙදෙනෙකුට රත්නපුර සීවලී ක්‍රීඩාංගනියේදී පහරදුන් මලල ක්‍රීඩා සංගම් සාමාජිකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩා පුහුණුකරුවෙකුව රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 14 වෙනිදා ඇලෝසියස් සිසුන් පුහුණු කටයුතුවල නිරතව සිටියදීය.

ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ගුවන් හමුදා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙක් වන ගුවන් හමුදා සෙබලෙක්, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මලල ක්‍රීඩා සංගයේ ජාතික සංචිතයේ සිටින යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු බලකායේ සෙබලෙක්, පොල්ගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙක් වන ගුවන් හමුදා සෙබලෙක් සහ රඹුක්කන පදිංචිකරුවෙක් වන පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිව් දෙනා විසින් ඇලෝසියස් ක්‍රීඩා උපදේශකට සහ සිසුන් දෙදෙනාට පහරදී තිබුණේ පසුගිය 14 වෙනිදාය. මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනාත් ක්‍රීඩා උපදේශකත් රත්නපුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාරද ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here