රට බංකොලොත් වී ආර්ථිකය කඩාවැටීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතු බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් නීතිමය සහාය පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණයට ගරු කොට නීතියට හිසනමන බව කී ඒ මහතා තීන්දුවේ අඩංගු කාරණා පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය සඳහා නීතිමය උපදෙස් පතන බව මහනුවර දී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
“අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව පරාජය කිරීම සිදුනොකළ යුතුයි” කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
“අයවැය පාරාජය කිරීම තියෙන්නේ විපක්ෂයට. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු විපක්ෂය දැනගත යුතු වෙනවා අයවැය පරාජය කරවන්න. ඒ අය ශක්තිමත් කියලා ඒ අයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරලා එක මතයකට එන්න පුළුවන් කියලා ඒක ඒ අයගේ කාරණයක්. අපේ වගකීමක් තමා අයවැයේ අඩුපාඩුවක් තියනවා නම් එක පෙන්නලා දෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ පොහොර ප්‍රශ්නය පිළිබදව කටවල් වහගෙන හිටියානේ. අද වුණු දේ දැක්කනේ.
අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව පරදය කිරීම නෙවේ, ඒ ආණ්ඩුවෙන් ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. අයවැය නරක අයවැයක් නොවේ. අයවැයේ තියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැතිකම, ඔය තියන යෝජනා පසුගිය වසරේත් ප්‍රකාශයට පත් කරා. රටේ වර්තමානයේ තියන බඩු මිල වැඩි. හැබැයි බඩු අඩුකරයි කියලා නඩුවකුත් දාලා වැරදිකාරයින් කියලා පත්වෙලත් තියනවා. එම නිසා අපි අවසානයේ අපි කොතනින්ද ඉර අදින්නේ. බදු වැඩිකළ අයටත් ඉදිරියේ කියන්න පුළුවන් මානව හිමිකම් උල්ලංඝනයක් වුණා කියලා. බදු වැඩිකරපු නිසා මේ රටේ ආර්ථිකය හැසිරිවිම තුළ අපි අනාගතවාදී වැඩපිළිවලකට යා යුතු වන බවත් නිෂ්පාදන ආර්ථිකය වැඩි වියයුතු අතර අපනයනය ඩි කළ යුතු වෙනවා. කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් අපි රැකගත යුතු වෙනවා. සංචාරක ව්‍යාපාරයට තැන දෙන්න ඕනි. එම නිසා මෙම අයවැයේ සමහර යෝජනා ප්‍රයෝගික නැහැ. සමහර යෝජනා හොදයි හැබැයි ප්‍රයෝගික නැති යෝජනා බිම් මට්ටමේ ක්‍රියාත්මක කර වීමට තමා පාර්ලිමේන්තුවක් තියෙන්නේ, නැතිනම් ආණ්ඩුව කියන හැමඑකම හරි කියන එක නොවේ. අපේ වගකීම තමා මේ ආණ්ඩුව තුළ යම්කිසි ජනතා විරෝධී කටයුත්තක් සිදුවෙනවානම් අපේ ප්‍රතිපත්තිවලින් පිට යනවානම් ඒ පිළිබදව ආණ්ඩුව තුළත් පාර්ලිමේන්තුව තුළත් රට තුළත් හඩ නඟන්න ඕනි.
රට බංකොලොත්භාවයට පත්වුණා ආර්ථිකය කඩාවැටුණු බව අපි පැහැදිලිව කියන්න ඕනි, අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණ තීන්දුවට හිස නවනවා. පාර්ලිමේන්තුව තුළ මේ වනවිටත් කමිටුවක් පත්කර තියනවා. රටේ ආර්ථිකයට පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් පිළිබදව සොයන්න. අපි අපේ පැත්තෙන් නීතිමය සහය පතනවා. ඒ තීන්දුව පිළිබදව තවදුරටත් අඩංගු කරුණු නිරීක්ෂණය කරලා නීතිමය උපදෙස් පතනවා. සිවිල් අයිතිවාසිකම් නඩුවක යනවිට ලිඛිත ලේඛන පමණයි දෙන්නේ, නැතිනම් හරස් ප්‍රශ්න ඇසීමක් නැතිනම් සාක්ෂි කැඳවීමක් කරන්නේ නැහැ. අපි විශ්වාශ කරනවා පාර්ලිමේන්තුව තුළට පමණයි මුල්‍ය බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් පත්කර තියන කමිටුවට පුළුවන් ඔය කියන සියලුදෙනාම කැඳවලා අදාළ කාරණා පිළිබඳව තවදුරටත් විශ්ලේෂණයක් කරන්න.
බදු අඩු කරලා රටේ ජනතාවට සහන දීම තුළ යම්කිසි මානව හිමිකමක් උල්ලංගනය වෙලා තියනවානම් ඒ පිළිබද පාර්ලිමේන්තුවට පුළුවනි ඉදිරි කාලයේදී කොතනද බදු වැඩිකිරීමේ හෝ අඩුකිරීමේ ඉර අඳින්නේ කියලා. දැන් අපිට IMF එකත් එක්ක අසීමිත බදු වැඩිකරන්න සිදුවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවත් යම් කිසිතැනක ඉර ඇඳගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. අද තියන බදු ප්‍රමාණය ගෙවල නම් පෞද්ගලික අංශයට නම් ජනාධිපතිතුමා කරපු ඉල්ලීමට අනුව පඩි වැඩිකිරීමට අමාරුයි. දේශපාලනයෙන් තොර වියයුතුයි ඕනෑම ක්‍රීඩාවක්. අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කමිටු ගොඩක් පත්කර තිබෙනවා. මේ පත්කරන කමිටුවලින් කොහොමද ක්‍රීඩකයින්ට සාදාරණයක් වෙන්නේ කියලා. ක්‍රීඩකයන්ට අවකාශය දෙන්න ඕනි. අවශ්‍ය සහයෝගය දෙන්න ඕනි .මානසිකත්වය බලන්න ඕනි ඉදිරියේදී මේ දෙගොල්ලෝ ගහබැන ගත්තොත් බැටකන්නේ ක්‍රීඩකයෝ.
ICC එක ක්‍රිකට් ක්‍රීඩාව ගැන යම්කිසි තීරණයක් අරගෙන තියනවානම් ඒ පිළිබදව ආණ්ඩුවට දැනුම් දීලා තියනවානම් ඒ පිළිබදව ආණ්ඩුව මැදිහත්වෙලා කටයුතු කිරීම සිදුවිය යුතුයි” යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.