Home උණුසුම් පුවත් අයවැය කතාව පාර්ලිමේන්තුවට

අයවැය කතාව පාර්ලිමේන්තුවට

අයවැය කතාව පාර්ලිමේන්තුවට

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙසජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) ප.ව. 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙවර අයවැය මෙරට 78 වැනි අයවැයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා බවට පත්වීමෙන් පසුව අතුරු අයවැය ද සමඟින් ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙයයි.

අයවැය 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය.

එ අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත.

දෙසැම්බර් 13 වන දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබාගැනීමේ අරමුණින් එහි කොන්දේසි ද සපුරාලිය හැකි ආකාරයේ අයවැයක් මෙවර ද ඉදිරිපත් වේ.

මෙවර අයවැයෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට වැටුප් වැඩිකිරීමට රජයේ අවධානය යොමුවූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here