ගාසා තීරයේ විශාලතම රෝහල මේවන විට සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වී ඇති බවත් ඒ අනුව ප්‍රතිකාර නොමැතිව මරණයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.
උතුරු පලස්තීනයේ අල්-ෂිෆා සංකීර්ණය ඇතුළු රෝහල් ඊශ්‍රායල හමුදා විසින් අවහිර කර ඇති අතර දැනට එම රෝහල් වල සිටින පිරිසට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නොමැති බවද සඳහන් කළ රෝහල් කාර්ය මණ්ඩල ෂිෆියා රෝහලේදී අලුත උපන් බිළිඳුන් තිදෙනෙකු මියගොස් ඇති අතර රෝහල අසල දැඩි සටන් හේතුවෙන් විදුලිය විසන්ධි ඇත බවද එබැවින් තවත් රෝගීන් රැසකගේ ජීවත දැඩි අවදානමක පවතින බවද ඔවුහූ පැවසූහ.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනු ලබන්නේ ඉකුත් ඔක්තෝම්බර් 7 වැනිද එල්ල කළ ප්‍රහාරයට නායකත්වය දුන් හමාස් සාමාජිකයින් රෝහල ආසන්නයේ සිටින බවයි. හමාස් සාමාජිකයින් රෝහල අසල භූගත බංකර්වල සැඟවී සිටින බවට සැකකරන බවටද ඊශ්‍රායල ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ෂිෆා රෝහලේ සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමට සමත්ව ඇති බවත් එහිදී ඔවුන් පවසා ඇත්තේ නිරන්තර වෙඩි තැබීම් සහ බෝම්බ හෙලීමත් සමඟ දරුණු සහ භයානක තත්වයක් සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස් පැවසීය.
පලස්තීන බලධාරීන් සඳහන් කර සිටියේ සිකුරාදා වන විට ගාසා වැසියන් එකලොස් දහසකට අධික පිරිසක් ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවත් ඔවුන්ගෙන් සියයට හතලික් පමණ ළමයින් බවත්ය.