Home උණුසුම් පුවත් ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම කවුන්සිලයේ මණ්ඩලය තීරණය කර තිබේ.

ICC මණ්ඩලය අද රැස්වී මෙම තීරණය ගත් බව එම ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්, විශේෂයෙන්ම, එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බව සහතික කිරීමට නොහැකි වීම මෙම පියවරට හේතු ලෙස දක්වා තිබේ.

සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි පිළිබඳ ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බව ද මෙමගින් දන්වා ඇත.

 

සබැඳි පුවත් “ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මට තියෙන්නේ එකම බයයි..” -ජනපති (📹)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here