තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIP"ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මට තියෙන්නේ එකම බයයි.." -ජනපති (📹)

    “ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මට තියෙන්නේ එකම බයයි..” -ජනපති (📹)

    ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් තමාට ඇත්තේ එකම බියක් පමණක් බවත්, ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ පවසා ඇති දෙය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි නොවී කටයුතු කළ යුතු බව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැති හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත.

    ක්‍රිකට් අර්බුදයට හොඳම විසඳුම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා විසින් කෙටුම්පත් කර ඇති ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බවත් අන්තර් පාලන කමිටු පැලැස්තරයක් බැවින් එය විසඳුමක් ලෙස තමා නොදකින බවත් හෙතෙ එහිදී පවසා තිබේ.

    තමන් කිසිදු පැත්තක් නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පවසා සිටි‍යේය.

    ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින මුළුමහත් නීතියම වෙනස් කිරීමට තමා මෙම අර්බුදයට දකින එකම විසඳුම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

    ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රීවරයකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසූ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img