තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොඩි ලැසීත් අධිකරණයෙන් ජීවිතාරක්ෂාවක් ඉල්ලයි

    පොඩි ලැසීත් අධිකරණයෙන් ජීවිතාරක්ෂාවක් ඉල්ලයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ සිටින පාතාලයේ ප්‍රබලයෙක්වන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    සිය ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා “පොඩි ලැසී” විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද කැදවූ ඒ බව නීතිපතිවරයා සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර වෙනත් පොලිස් ඒකක වෙත මාරු කිරීමෙන් පසුව විමර්ශන සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී මියගොස් ඇති බව
    “පොඩි ලැසී” වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පැවැසුුවේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින තම සේවාදායකයාට ද මෙවැනි ඉරණමක් අත් වනු ඇතැයි බියක් මතු වී තිබෙන බැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img