Home උණුසුම් පුවත් ව්‍යාජ විදෙස් මුදල් ජාවාරමකට රුසියානු කාන්තාවන් 2ක් කොටු

ව්‍යාජ විදෙස් මුදල් ජාවාරමකට රුසියානු කාන්තාවන් 2ක් කොටු

0
ව්‍යාජ විදෙස් මුදල් ජාවාරමකට රුසියානු කාන්තාවන් 2ක් කොටු

ව්‍යජ විදෙස් මුදල් හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව ගාල්ල පොලීසියට භාරදී ඇත.

ගාල්ල ප්‍රදේශයේ සැරිසරමින් මෙම රුසියානු කාන්තාවන් දෙදෙනා සිට ඇත්තේ මෙරට රැදී සිටීමට වලංගු වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර පවා නොමැතිව බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 39 හා 61 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ පසුගිය ඔක්තෝබර් 16 වෙනිදා බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here