Home උණුසුම් පුවත් මහ වැස්සෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ඉහළට

මහ වැස්සෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ඉහළට

මහ වැස්සෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ඉහළට

මහවැලි ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත මධ්‍යම කදුකරයේ ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් පවතී.

කඳුකරයේ විදුලි උත්පාදනය කරන ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශය සමස්ථ ජල ධාරිතාවයෙන් 78.5%ක් දක්වා ජල ධාරිතාව වැඩි වී ඇත. එහි උපරිම ජල ධාරිතාව කියුබික් ඝන මීටර් මිලියන 722කි.

කොත්මලේ ජලාශය සමස්ථ ජල ධාරිතාවයෙන් 76.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 40.3%කි.

රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව මේ වන විට 40.3%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තාමේ සඳහන්.

ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු නිරත්තරයෙන් විවෘත කරන බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිවත් වන ලෙස එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here