Home දේශීය පුවත් උණුසුම් පුවත් සොබා මව් රකින ගුවන් හමුදා මෙහෙයුමේ නවතම අදියර ඇරඹෙයි

සොබා මව් රකින ගුවන් හමුදා මෙහෙයුමේ නවතම අදියර ඇරඹෙයි

සොබා මව් රකින ගුවන් හමුදා මෙහෙයුමේ නවතම අදියර ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ අට වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ.

ශ්‍රි ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා පහකදි මෙම බීජ හෙළීම කරනු ලබයි.

අනුරාධපුර කටුගමිපොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 80000 ක ප්‍රමාණයක් ගුවනින් හෙලීම මෙහිදී සිදුකරන ලදී.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක‍ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින් ආයතනයේ අනුග්‍රහයකත්වයෙන් කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here