Home උණුසුම් පුවත් ගංවතුරෙන් වගාහානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට ලක්ෂයයි

ගංවතුරෙන් වගාහානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට ලක්ෂයයි

ගංවතුරෙන් වගාහානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට ලක්ෂයයි

ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවියන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුවේ දී ඊයේ (27) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වගා හානි සඳහා වන්දි ගෙවීම වසරක පමණ කාලය් ප්‍රමාද වී සිදුවන නමුත් මෙවර විශේෂත්වයක්සේ සලකා කඩිනමින් වන්දි ලබා දෙන බව කී ඒ මහතා මෙම කන්නයේ දීම එම මුදල් ගොවියන්ට උපයෝගී කරගත හැකි වනු ඇතැයි කීවේය.
වගාව ආරම්භ කරන අවස්ථාවේදී වගේ නොලැබුණත් පොහොර යොදන අවස්ථාවේදී හෝ එය ලබාදීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කීවේය. නමුත් මින් ඉදිරියට වගා හානි සඳහා වන්දි ලබා දෙන්නේ නියමිත දිනට වගාව ආරම්භ කළ ගොවියන්ට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
කුමන තරමක හෝ වගා හානියක් සිදු වුවත් කන්න රැස්වීමේදී ගන්නා තීරණ අනුව නියමිත දිනයට වගාව ආරම්භ කර නොතිබුණේ නම් වගා හානි වන්දි ලබා නොදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. වර්ෂාව ඇද හැලෙන බැවින් වගාව මේ වන විට ආරම්භ කළ යුතු බව කී ඒ මහතා ඉදිරියේදී සිදුවිය හැකි ජල හිඟයට මුහුණ දීමට නම් නියමිත වගා කාලසටහන් අනුගමනය කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here