Home උණුසුම් පුවත් මන්ත්‍රී ගුටිකෙළියේ විමර්ශන කමිටුව රැස්වී අද ගත් තීරණ

මන්ත්‍රී ගුටිකෙළියේ විමර්ශන කමිටුව රැස්වී අද ගත් තීරණ

මන්ත්‍රී ගුටිකෙළියේ විමර්ශන කමිටුව රැස්වී අද ගත් තීරණ

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඇතිවූ ගැටුම පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද කමිටුව අද (25) පෙරවරුවේ රැස්වී තිබේ.

සුජිත් සංජය මන්ත්‍රීවරයා තමාට පහර දුන් බවට පවසමින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස රාජ්‍ය ඇමතිනිය විසින් ඉල්ලා සිටි අතර අදාළ කමිටුව පත්කරන ලද්දේ කථානායකවරයා විසිනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ මෙම කමිටුවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකිර් මාකර්, රමේෂ් පතිරණ යන මන්ත්‍රීවරුන් ඇතුළත් ය.

කමිටුව විසින් අදාළ සිද්ධියට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ CCTV වීඩියෝ දර්ශන අද නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව මීළඟ කමිටු වාරයට සිද්ධියේ පාර්ශ්වකරුවන් වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනා කැඳවීමට තීරනය වී තිබේ.

මෙම සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා හඳුනගත් බැවින් ඔහු මීළඟ කමිටු වාරයට කැඳවීමට එහිදී තීරණය කර ඇත.

එමෙන්ම කමිටුවේ සහාය වෙනුවෙන් කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ සහාය ලබාගැනීමට ද අද රැස්වීමේදී තීරණය වී ඇත.

ලබන 06 වනදා යළිත් කමිටුව රැස්වීමට නියමිත අතර කමිටු වාර්තාව සකස් කළ පසුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිත ය.

සබැඳි පුවත්
ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝව එළියට (📹)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here