Home උණුසුම් පුවත් පොලීසියේ ලොකු පුටු රැසක ළඟදීම ලොකු වෙනසක්

පොලීසියේ ලොකු පුටු රැසක ළඟදීම ලොකු වෙනසක්

0
පොලීසියේ ලොකු පුටු රැසක ළඟදීම ලොකු වෙනසක්

පොලීසියේ ලොකු පුටු රැසක වෙනසක් ඉදිරි දෙසතිය තුළ සිදුවීමට නියමිත බව දේශපාලන හා පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වන විට පවා ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂාවක්ද පවතී.

මෙහිදී ප්‍රධාන වශයෙන් පොලීයේ පළාත් භාර පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ වෙනසක් සිදුවනු ඇති බවත් අලුතින් පළාත් කිහිපයකට නව පොලිස් ප්‍රධානීන් පත්වනු ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර අපේක්ෂාකරන පොලීසියේ මෙම වෙනසට සමගාමීව ඇතැම් ප්‍රදේශවල ඉහළ පොලිස් නිලධාරීන්ට සම්බන්ධ සමීපතයින් කැවුම් කිරිබත් සහිත තේ මේස පවා සකස් කිරීමට අවශ්‍ය ඇනවුම් පවා ලබාදීමට පියවර ගෙන ඇතැයි පොලීසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here