ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අතර හමුවක් ඊයේ(23) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ මධ්‍ය කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සඳහා අවශ්‍ය සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.
දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළේය.
සමාජයේ අඩු ආදායම්ලාභී ජන කොටස් සඳහා වන මූල්‍ය ආධාර සෘජුවම බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය ද එහිදී අගමැතිවරයා පැහැදිලි කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි වාරිකය මෙරටට ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මුලික නිර්නායක සපුරා තිබීම නිසා එම අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාව පසුගියදා ලබාදී තිබුණි.
දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා මීළඟට අවශ්‍යව ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියයි.
එම අනුමැතිය ලැබීමෙන් පසුව මෙරටට අදාළ දෙවැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් ලැබෙනු ඇත.
එම මුදලද ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් මෙරටට නිදහස් කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 660 ක් පමණ දක්වා වනු ඇත.
එම අරමුදල විසින් මෙරටට ලබාදීමට අනුමත කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3කි.
එම මුළු මුදල වාරික වශයෙන් නිදහස් කරන අතර, එක් එක් වාරිකය බැගින් ලබාගැනීමේදී එම අරමුදල විසින් ලබාදෙන කොන්දේසි, ඉලක්ක සම්පූර්ණ කළ යුතු වේ.
එම ඉලක්ක සහ කොන්දේසි රටක ආර්ථිකය ස්ථාවර කොට රජයේ ආදායම් වැඩිකිරීම වෙනුවෙන් සකස් කර තිබීම ජාත්‍යන්තර අරමුදලේ ක්‍රමවේදයයි.
අතීතයේදී ද ශ්‍රී ලංකාව 13 වරක් ජාත්‍යන්තර අරමුදලේ මුල්‍ය සහය ලබාගැනීමට උත්සහ කර තිබුණ ද ඉලක්කා සපුරාලිය නොහැකි වීමෙන් අරමුදල් ලබාගැනීමට නොහැකි විය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන මෙම මුදල එක් අයුරකින් වෙනත් රටවලට හෝ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙත මෙරටට ණය නිකුත් කළ හැකි බවට වන ඇපකරයක් බඳු ය.
IMF කාර්ය මණ්ඩල එකඟතාවට ඇවිත් -ආසියානු රටවල් නොකරපු වාර්තාත් වෙලාවට දීලා