Home උණුසුම් පුවත් දිනපතා තෙල් මිල වෙනස් වන ක්‍රමය එන දවස

දිනපතා තෙල් මිල වෙනස් වන ක්‍රමය එන දවස

දිනපතා තෙල් මිල වෙනස් වන ක්‍රමය එන දවස

2024 වසරේ පෙබරවාරි මාසයේ සිට දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමය හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මාසිකව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් රජය විසින් නිවේදනයක් නිකුත් කරනවාට වඩා ඉන්ධන බෙදාහරින ආයතන විසින්ම ඔවුන්ට පාඩුවක් නොවන ආකාරයට ස්වයංක්‍රීයව සිදුවන ආකාරයට මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා කියාසිටී.

මාසිකව සැලකිය යුතු වෙනසකට ඉන්ධන මිල ලක්වීමකට වඩා දිනපතා සුළු වෙනස්කම් සිදුවෙමින් මිල සංශෝධනය සිදුකිරීම වඩාත් කාලීන ක්‍රමයක් බවට ඊයේ පැවති ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ වෙනස්වීම්වලට සාපේක්ෂව රට තුළ තෙල් මිල දෛනිකව වෙනස් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here