fbpx
තවත්
    මුල් පිටුවspecialඕල් බ්ලැක්ස්-දකුණු අප්‍රිකාව රග්බි අවසන් සටනට

    ඕල් බ්ලැක්ස්-දකුණු අප්‍රිකාව රග්බි අවසන් සටනට

    ප්‍රබල එංගලන්ත කණ්ඩායම 15-16 ලෙස පරාජයට පත්කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන 29 වැනිදා නවසීලන්ත( ඕල් බ්ලැක්ස් ) කණ්ඩායම සමග රග්බි ලෝක කුසලාන අවසන් මහා සටනට තරග වැදීමට අද(22) අලුයම අවස්ථාව උදාකර ගත්තේය.

    ප්‍රංශයේ ශාන්ත ඩෙනිස් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි. 1995 පසු ලෝක කුසලාන අවසන් මහා තරඟයට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මුහුණදෙන පළමු අවස්ථාව මෙය වේ.

    1995 දී ලෝක ශූරයන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම 15-12 ලෙස නවසීලන්ත කණ්ඩායම එවර පරාජයට පත් කළේය. කෙසේ වෙතත් පසුගිය ලෝක කුසලානයේ (2019) ශූරයන් වූ දකුණු අප්‍රිකාව මෙවර ද ශූරතාව හිමිකර ගැනීමට නවසීලන්තයට ප්‍රබල සටනක් දෙනු ඇතැයි රග්බි විචාරකයෝ පවසති.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලෝකඩ පලිහ සඳහා තරග වදින ආජන්ටිනාව සහ එංගලන්තය අතර තරගය ලබන 28වැනිදා ශාන්ත ඩෙනිස් පිටියේ දී පැවැත්වෙයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න