ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද(20) සිට ක්‍රියාත්මක පරිදි විදුලි ගාස්තු තවත් සියයට 18කින් ඉහළ දැමීමට අවසර ලබා දී ඇත.
විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව යමින් ඊයේ පස්වරුවේ රැස්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම තීරණය ගත් බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
විදුලි ගාස්තු බරපතල ලෙස ඉහළ යාම හේතුවෙන් අනෙකුත් සේවා හා භාණ්ඩ මිල ද ඉහළ යාම සිදුවෙමින් තිබියදී වසරක කාලයක් තුළ මෙලෙස විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ තෙවැනි වතාවටයි.
ඒ අනුව විදුලි ගාස්තු එක් එක් ඒකක සංඛ්‍යාව අනුව ඉහළ යන ආකාරය පහත පරිදි නිවේදනය කර තිබේ.