තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රටට ඇති වාසි අවාසි බලා ගනුදෙනු කරනවා මිසක් අපි රටවල ගනුදෙනු පටලගන්නේ...

    “රටට ඇති වාසි අවාසි බලා ගනුදෙනු කරනවා මිසක් අපි රටවල ගනුදෙනු පටලගන්නේ නෑ” -ජනපති චීනෙට කියයි(📹)

    ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති වාසි අවාසි දෙස බලා, ඒ ඒ රටවල් සමඟ ගනුදෙනු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

    චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි පැවැත්වෙන ‘තීරය සහ මාවත මුලපිරුම’ ගෝලීය සංසදයට සහභාගි වීමට පෙර මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබේ.

    එමෙන්ම ලෝකය කුමන චෝදනාවක් කළ ද ශ්‍රී ලංකාව සෑහීමකට පත්වන්නේ නම් ඒ ඒ රටවල් සමඟ අදාළ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

    ඒ ඒ රටවල් සමඟ ඒ ඒ අයුරින් කටයුතු කරන නමුත් ශ්‍රී ලංකාව රටවල සමඟ ගනුදෙනු මුසු කරනොගන්නා බවත් ඒ පිළිබඳ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය රජයේ ස්ථාවරය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

    CCTV චීන මාධ්‍ය ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ජනාධිපතිවරයා එහිදී මාධ්‍යවේදිනය නැඟූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු දුනි.

    “විපතට පත්වුණ රට ගොඩගන්න මං ක්‍රියාකරනවා. දැනට ඒ වැඩකටයුතු බොහෝ දුරට සාර්ථක වී තිබෙනවා. අපේ උද්ධමනය බොහෝ සේ අඩුවෙලා තියෙනවා. අපි මූලික ප්‍රශ්නවලට හොදින් මුහුණ දුන්නා. දැනට සාමාන්‍යයෙන් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ වැඩකටයුතු කරන්න පුළුවන්. ජීවන බරක් තියෙනවා දැනට. අපි බලන්නේ මේ ජීවන බර ක්‍රමානුකූලව අඩු කරගන්න.” යැයි ද ජනාධිපතිවරයා එහිිදී කීය.

    අපි ඇත්ත වශයෙන්ම ෂී ජින්පින්ග් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වගේම අපිට මීට වඩා සම්බන්ධවෙලා වැඩ කටයුතු කරන්න තියෙනවා ලෝකෙ. ඒ නිසා මේ යෝජනා ගැන අපේ සහයෝගය තියෙනවා. කොහොමත් අපේ ශිෂ්ටාචාරය එක්ක එක්ක අවුරුදු දහස් ගණනක් අපේ සම්බන්ධයක් තියෙනවා. අපි ඒකත් ඉදිරියට ගෙන යන්න ඕන. චීනෙන් ලංකාවට ආවේ එකත් ලංකාවෙන් චීනයට ගිය එකත් පරණ සම්බන්ධයක්. ඒකට මේ දැන් අලුත් යෝජනා අපි එකතු කරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒක ගැලපෙනවා අපේ අදහස් එක්ක.

    අපිට උවමනාව තියෙන්නේ දියුණු ශ්‍රී ලංකාවක් ඇති කරන්න. 2048 වෙනකොට අපේ 100 වන වසර වෙනකොට දියුණු රටක් හැටියට ඉදිරියට යන්න. එතකොට චීනයේ 2049 සියවස වෙනකොට අපිට එකට ඒ ගමන යන්න පුළුවන්.” යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී අවධාරණය කළේය.

    බලවත් රටවල් අතර පවතින ඝට්ටනය හා චීනයට ඇති විරෝධය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූයේ මෙසේ ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ CCTV මාධ්‍ය ආයතනය සමඟ පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img