තවත්
    මුල් පිටුවspecialසම්පා ලංකාව අඹරයි

    සම්පා ලංකාව අඹරයි

    දඟ පන්දු යවන ඇඩම් සම්පාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත්විය.

    කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ශංක සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 125ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වුවද එම සාර්ථක ආරම්භයේ පල නෙලා ගැනීමට මැද පෙළ පිතිකරුවෝ අසමත් වූහ.

    දුර්වල පිතිකරණය හමුවේ පන්දුවාර 43.3ක දී සියලු දෙනා දැවී යනවිට සාර්ථක වූ ආරම්භක පිතිකරු යුගලය හැර ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවකට යාමට හැකිවූයේ චරිත් අසලංකට පමණි. ඔහු ද ලකුණු 25ක් ලබා සිටියදි දැවී ගියේය.

    ආබාධිත තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත්වී කුසල් මෙන්ඩිස්ට නායකත්වය පැවරූ පළමු තරගය මෙයවිය. කෙසේ වෙතත් අද දින ලෝක කුසලානය 2023ට අලුතින් කණ්ඩායමට එක්වූ චාමික කරුණාරත්න සහ ලහිරු කුමාරට පිළිවෙලින් ලබා ගත හැකිවූයේ ලකුණු 2(11) හා ලකුණු 4(08) පමණි.

    ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රිඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබාගත්හ.

    ඒ සඳහා ඔවුන්ට වැයවූයේ පන්දුවාර 35.2ක් පමණි. මිෂෙල් මාෂ් හා ජොෂ් ඉංගිල්ස් අතර අර්ධ ශතක දෙකක් බෙදී ගියහ.

    තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ ලකුණු 47කට කඩුලු 4ක් බිඳ හෙලූ ඇඩම් සම්පාය.

    ශ්‍රි ලංකාව 209 (43.3)
    ඕස්ට්‍රේලියාව 215/5 (35.2)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img