ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න සංචිතයට කැඳවීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) අද(14) අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව දසුන් ශානකට ලෝක කුසලානයේ මූලික වටයේ සියලු තරග අහිමිවනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති. අවසන් වරට පාකිස්ථානය සමඟ පැවති තරගයේ දී නායක දසුන් ශානක සිය පන්දු යැවීම පන්දුවාර 5කට සීමා කළ අතර ඊට හේතුව ඔහුගේ දකුණු කලව ප්‍රදේශයේ මාංශපේශි ආබාධයකට ලක්වීම බව පසුව හෙළිදරව් කෙරිණි.
ICC ය වෙත දක්වා ඇති කරුණු අනුව දසුන් ශානකට මෙම තත්ත්වය සුව අතට පත්කර ගැනීමට තවත් සති තුනක කාලයක් ගතවනු ඇත. උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ ලෝක කුසලාන තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වය ද අහිමිව යන අතර ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයකුට අවස්ථාව හිමිවනු ඇත.
ශ්‍රී ලංකාවේ මීළඟ තරගය අනිද්දා (16) ඕස්ට්‍රේලියාව සමඟ ලක්නව් හිදී පැවැත්වෙන අතර ඊට චාමික කරුණාරත්න එක්වනු ඇති බවට ද ඉඟ පළ වෙමින් තිබේ.