තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දු-චීන කොඩිවලට ඉහළින් ලක් කොඩිය එසවූ තරුෂිට ජනපතිගෙන් සුබපැතුම්

    ඉන්දු-චීන කොඩිවලට ඉහළින් ලක් කොඩිය එසවූ තරුෂිට ජනපතිගෙන් සුබපැතුම්

    චීනයේ හංග්ෂුහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

    අද (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.

    එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    වසර 21 කට පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගනිමින්, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් විය. එහිදී ඇය දැක්වූ දක්ෂතාව 02.03.20 ක් ලෙස සටහන් විය.

    චීන සහ ඉන්දියානු ක්‍රීඩිකාවන් පරදා රන් පදක්කම දිනූ තරුෂි ඊයේ දිනයේ චීනයේ හංග්ෂුහහිදී ශ්‍රී ලංකා කොඩිය චීන-ඉන්දියා කොඩිවලට ඉහළින් ඔසවා තැබීය.

    දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ වත්මන් විශාලතම ණයහිමියන් දෙදෙනාවූ චීනය සහ ඉන්දියාවේ කොඩිවලට ඉහළින් තරුෂි එසවූ කොඩිය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම වැදගත් පාඩමක් කියාදී තිබේ.

    එනම්, වැටුණු තැනින් නැගිට ලක්මව සියල්ලටම ඉහළින් ඔසවා තැබිමට අධිෂ්ඨානයට නොකළ හැක්කක් නොමැති බව ය. ඒ සඳහා, දැන් කාලය එළැඹ ඇති බව ය.  ‍

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img