සටහන – නිමල් අල්ගෙවත්ත
ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුලේ ගාමන්ට් ෆක්ටරියක් දාලා නැතිනම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දමලා කී විගසම අපි පුදුමයට පත් වනු ඇත. නමුත්,මේ සුන්දර වු කතාව සත්තකින්ම අගනේ ය. එය මේ රටේ වෙනත් පාසල්වලටද ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට මහින්ද පාසලේ බාලකයෝ රටටම ආදර්ශයක් ලබාදුන් සුන්දර බාලක පොඩි හිටියන්ගේ සුන්දර කතාවකි.
සෑම දෙයක්ම මුදලට මිලදී ගැනීමට හුරු වූ අය අතරේ, තමන්ගේ සහෝදර ශිෂ්‍යයින්ට ලෝක ළමා දිනයට සමගාමීව තමාගේම අතින් සකස් කරන්නට මේ බාලකයෝ සිදු කරන මෙහෙවර අගනේය. එයට විදුලහල්පති මාගේ හා ආචාර්ය මන්ඩලයේද පුර්න සහයෝගය මේ බාලකයන්ට ලැබි ඇත්තේ පාසල් භූමිකාවෙන් එහා ගිය සුන්දර ජීවිතයකට කතා කරන ජීවිතය දිනන්නට යන ගමනට සැබෑ වු අත්වැළක් සපයන්නටය. එය සත්තකින්ම අගනේය. එම අධ්‍යාපන ක්‍රමය අද රටට උවමනා කරන හෙට රට ඉල්ලන අධ්‍යාපන ක්‍රමයකි.
ලෝක ළමා දිනය වෙනුවෙන් සිසුන් 4000ක් සඳහා මේ පරිසර හිතකාමි බෑගය, පාසල තුළදීම, තමන්ගේ දෑතින්ම නිපදවීය. දිවයිනේ ජනප්‍රිය බාලක ජාතික පාසලක් වන පිරිමි දරුවන් පමණක් ඉගෙනුම ලබන ගාල්ල මහින්ද විද්‍යාලයේ, බහු මාධ්‍ය ශ්‍රවණාගාරය තුළ, ගුරුවරුන් සහ දෙමාපියන් කිහිපදෙනකුගේ සහයෙන් මේ දිනවල දී රෙදිපිළි මැසීම සිදුකරන්නේ ද එම සිසු දරුවන් විසිනි.
මෙවැනි සද්කාර්යයක් බාලක,පිරිමි පාසලක දරුවන් විසින් සිදු කරන්නේ ලංකාවේ ප්‍රථම වරට විය හැකිය. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන්, විද්‍යාලයේ 4000 පමණ වන සිසු දරුවන්ට, නොමිලයේ තෑග්‍යයක් ලෙස නිර්මාණය කරයි. එය පසගිය දිනෙක (01) යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ය.
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුල්පති, රුසිර මද්දදුම මහතාගේ අදහසක් අනුව, මෙය ක්‍රියාත්මක කෙරිණ.
විද්‍යාලයේ, ගෘහ ආර්තික විද්‍යාව හා ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂයයන් හදාරණ දරුවන් එම විෂයට අදාළ කාලසීමාව තුළදී සිය දෑතින්ම මෙම බෑගය නිර්මාණය කර ඇත.
ආදරය සෙනෙහස එකමුතුකම ගොඩනැංවීම තුළින් සිය හැකියා, දක්ෂතාවය නිපුනත්වය ප්‍රායෝගිකව යොදවන්නට හුරු පුරුදු කිරීම ආදර්ශවත් ය.








