මිදිගම පොලිස් වසමේ පිහිටි සංචාරක ආකර්ශනයක් දිනාගත් අවන්හලක් වන චිකී මංකි නැමැති අවන්හලට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පළාගොස් ඇත.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත හෝ දේපොල හානියක් සිදුව නැති බව පොලීසිය කියයි.
මෙම අවන්හල පවත්වාගෙන යනු ලබන්නේ සහෝදරයන් දෙදෙනෙකු විසිනි. පසුගිය මාර්තු 29 වෙනිදා පසිදු සඳරුවන් නැමැති බාල සහෝදරයාට මෙම අවන්හල අසලදීම වෙඩි තබා තිබුණි. වෙඩි ප්‍රහාර හමුවේ බරපතල තුවාල ලබා සිටි ඔහු ඊට පසුදින මිය ගියේය.
2021 වසරේ දෙසැම්බර් 21 වෙනිදා වැඩිමහල් සහෝදරයාටද වෙඩි තබා තිබුණි. එහිදී ඔහු සිය ජීවිතය බේරාගෙන තිබුණේ දිව ගොසිනි. බාල සහෝදරයාගේ ඝාතනයෙන් පසු මෙම අවන්හල පවත්වාගෙන යන්නේ ඔහු විසිනි.
මෙම අවන්හලට විදේශිකයන් වැඩි වශයෙන් ඇදී එන බවත් හරක් කටාගේ ගොල බාලයින් ඒ නිසා ඔවුන් සමඟ උරණව සිට ඇති බවත් සඳහන්ය. පසිදු සඳරුවන්ගේ ඝාතනයේදී අනාවරණය වන්නේද හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන කුඩු චූටි නැමැත්තා එම ඝාතනය පිටුපස සිටින බවය. ඔහු මේ වන විට සිටින්නේ ඩුබායි හීය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. එහිදීද අනාවරණය වන්නේ මෙම අවන්හලේ දියුණුව ඉවසා ගැනීමට නොහැකිව එම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණු බවය.