Home උණුසුම් පුවත් කාගිල්ස් චණ්ඩි අත්අඩංගුවට (📹)

කාගිල්ස් චණ්ඩි අත්අඩංගුවට (📹)

5
කාගිල්ස් චණ්ඩි අත්අඩංගුවට (📹)

කාගීල්ස් ෆුඩ්සිටි ශාඛාවකදී තරුණියකට අමානුෂික ලෙස එහි කාාර්ය මණ්ඩලය විසින් පහරදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ එළියට ආවේ දින කිහිපයකට පෙරය.

නිෂ්චික ස්ථානයක් සඳහන් නොවූ එම වීඩියෝව හංවැල්ලේ පිහිටි ශාඛාවේ බව සඳහන් වූවත් මේ ගැන විශේෂ අවධානයක් යොමුකල පොලීසිය විමර්ශනයක්ද ආරම්භකරනු ලබන්නේ ඒ ගැන පැමිණිල්ලක්ද නොමැති පසුබිමක් තුලදීය.

එහිදී පැහැදිලි වන්නේ එම පහරදීම සිදුවන්නේ බොරැල්ල පොලිස් වසමට අයත් ඔබේසේකරපුර හංදියේ පිහිටි කොටාපාර කාගීල්ස් ශාඛාව තුළ බවය. ඒ අනුව බොරැල්ල පොලීසිය විසින් එම පහරදීමට සම්බන්ධ එම ශාඛාවේ සේවයේ නිරත තරුණියන් දෙනෙක් ඇතුළු පස් දෙනෙක් ඊයේ අත්අඩංගුවටගත්තේය. ඒ අය අතර කළමනාකාරිනියද සිටින බව සඳහන්ය.

මෙම පහරදීම සිදුව ඇතැයි පැවසෙන්නේ පසුගිය 18 වෙනිදාය. ඒ චොකලට් සොරකමක් මුල්කරගෙනය. මෙම පහරදීමට තවත් සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. සමාජ මාධ්‍යවෙත මුදා හැරින ලද අදාල වීඩියෝව පවා අදාල ශාඛාවේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුණු දර්ශනවලින් ලබාගත් එකක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

5 COMMENTS

  1. උපරිම දඬුවම් දිය යුතුයි.
    නීතිය අතට ගන්න ඔවුන්ට කිසිදු හේතුවක් නැ.

  2. කොහොමද මෙහෙම දඩුවම් දෙන්නෙ..නීතියට අනුව මේ චන්ඩි මට්ටුකල යුතුයි

  3. මේ විදියට නීතිය අතට ගැනීම ඉතා භයානකයි.ප්‍රශ්නයට මුල් වු කරැනක් අදාළ නැහැ. තරැණියට ගහපු අයට වහා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙවන් වෙළඳසැල් වර්ජනය කරමු.

  4. මේක උන්ටම ගිය රටක්ද
    හැම එකේම මේවගෙ චන්ඩි සිකුරිට්ටොත් ඉන්නව කාගිල්ස්වල.මටත් එකපාරක් ඒවගෙ පීඩනයක් දුන්න.මම ඌ නීතිය ඉදිරියටම අරන්ගිහින් පාඩමක් අරන් දුන්න

Leave a Reply to Matara richard Cancel reply

Please enter your comment!
Please enter your name here