Home special ඒකාධිපතිවාදයට එරෙහිව රුසියා-චීන හවුලක්

ඒකාධිපතිවාදයට එරෙහිව රුසියා-චීන හවුලක්

ඒකාධිපතිවාදයට එරෙහිව රුසියා-චීන හවුලක්

 
ඒකාධිපතිවාදයට එරෙහි වීමේ දී සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීමේ දී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා කියාසිටී. ඔහු මේ බව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික, චීන විදේශ අමාත්‍ය  වං යී මහතා මොස්කව් අගනුවර දී ඊයේ (20) හමු වූ අවස්ථාවේ දී ය.

 ඉකුත් මාර්තු මාසයේ සිදු වූ, චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ රුසියානු සංචාරය දෙරට අතර සබඳතාවයේ නව යුගයක ඇරඹුම සටහන් කළ බව පුටින් මහතා පැවසීය.  ‘එක් තීරයක් එක් මාවතක්’ මුලපිරුම ඉතා අගය කරන රුසියාව ඊට ස්ථිර ව සහාය දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසය වැඩිදියුණු කරමින්, දෙරට රාජ්‍ය නායකයන් විසින් එළඹුණු සම්මුතිය මූලික මාර්ගෝපදේශය ලෙස ගෙන රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව වං යී මහතා මෙහිදී පැවසීය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here