තවත්
    මුල් පිටුවspecial8වැනි වරටත් ඉන්දියාව ආසියානු කුසලානය දිනා ගනී

    8වැනි වරටත් ඉන්දියාව ආසියානු කුසලානය දිනා ගනී

    ආසියානු කුසලානය 8වැනි වරටත් දිනා ගැනීමට ඉන්දිය කණ්ඩායම අද(17) සවස සමත්විය.

    කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සීමා විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිතිකරුවෝ පන්දුවාර හයයි එක් පන්දුවක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 51ක් ලබා ගත්හ. ඒ අනුව ඉන්දියාවට අවසන් මහා තරගයෙන් කඩුළු 10ක ජයක් හිමිවිය.

    මෙම තරගය එක්දින තරග ඉතිහාසයේ පැවැති තුන්වැනි කෙටිම තරගය ලෙස ඉතිහාසයට එක්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය තරගය ලෙස ද ඉතිහාසගත වෙයි.

    ශ්‍රී ලංකාව 50/10 (15.2)

    ඉන්දියාව 51/1 (6.1)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img