Home උණුසුම් පුවත් වැසි ලැබුණත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

වැසි ලැබුණත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

වැසි ලැබුණත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

දිවයින පුරා ප්‍රදේශ ගණනාවකට මහ වැසි ඇද හැලුණත් විදුලිබලාගාර ආශිත මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ සඳහා මේ වන තුරු ප්‍රමාණවත් වැසි නොලැබී තිබේ.

ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් මතු වුව ද මහවැලි ගංගාව ආශ්‍රිතව මධ්‍යම කඳුකරයේ පිහිටි කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙනිගල ජලාශවල ජල ධාරිතාව පවතින්නේ තවමත් පහළ මට්ටමකය.
ඒ අනුව කියුබික් ඝන මීටර් මිලියන 801ක උපරිම ජල ධාරිතාවක් යුතු රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 3.8%ක මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (11) නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන්ය.

වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 26.1%කි. කොත්මලේ 48.5%ක් වන අතර මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව 10.9%කි. බෝවතැන්න හා කළුගඟ ජලාශයේ ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 70.4%ක් හා 61.4%ක යන මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධීකාරී දත්ත වාර්තාවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here