Home උණුසුම් පුවත් තල්පේදී රුසියානුවන් අතර ගැටුමක් – සල්ලිත් කොල්ලකාලා

තල්පේදී රුසියානුවන් අතර ගැටුමක් – සල්ලිත් කොල්ලකාලා

0
තල්පේදී රුසියානුවන් අතර ගැටුමක් – සල්ලිත් කොල්ලකාලා

ගාල්ල හබරාදූව තල්පේ හන්දියේ පිහිටි ජැක් ඇන්ඩ් නෙල්ලි විලා ආයතනයේ දී රුසියානුවන් සිව්දෙනෙක් රුසියානුවෙකුට පහරදී රුපියල් ලක්ෂ 38ක මුදලක් කොල්ලකා ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (09) බව හබරාදූව පොලීසිය කියයි.

පහරකෑමෙන් තුවාල ලැබූ රුසියානුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනු ලබයි.

මෙම රුසියානුවන් මෙරට රැදී සිටිමින් රූබන් රුපියල්වලට මාරුකරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවුණු ආරවුලක් මෙම පහරදීමට මුල්වී ඇති බවත් පොලීසිය කියයි.

පහරදීමට සම්බන්ධ රුසියානුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here