Home උණුසුම් පුවත් චැනල්-4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල්-4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල්-4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චැනල්-4 නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා විමර්ශනයට කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අදාළ කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කිරීමට නියමිත ය.

තවද එම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ද රජය අදහස් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, දැනට ක්‍රියාත්මක විමර්ශන දෙකෙහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here