තවත්
    මුල් පිටුවspecialආසියානු ක්‍රීඩා උළෙලේ ගිනිසිළු ධාවනය ඇරඹෙයි

    ආසියානු ක්‍රීඩා උළෙලේ ගිනිසිළු ධාවනය ඇරඹෙයි

    චීනයේ හංචොව් නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ගිනිසිළු ධාවනය ඇරඹේ.

    එම උත්සවය අද (8) හංචොව් නුවර බටහිර විල අසළ යොංජින් උද්‍යාන චතුරස්‍රයේ දී පැවැත්විණ.

    2004 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ළය ආර ඉසව්වේ ශූරිය වූ ලුවෝ ෂුවෙජුවැන් හංචොව්  ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රථම ගිනිසිළුව දැරීම විශේෂත්වයකි.    

    ධාවනයේ පළමු දිනයේ දී ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා  බිම් මට්ටමේ සේවකයන් යනාදී සියලු අංශ නියෝජනය කරන ගිනිසිළු දරන්නෝ 106 දෙනෙක් ඊට එක්ව සිටිති.

    හංචොව් නුවරින් පසුව එය චජියැං පළාතේ ආරම්භ වීමට නියමිතය. නගර 11 ක් ආවරණය වන පරිදි පැවැත්වෙන ගිනිසිළු ධාවනය, සැප්තැම්බර් 20 වැනිදා හංචොව් නගරයේ දී නිමාව සටහන් කරනු ඇත.

    ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය 23 වැනිදා පැවැත්වේ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img