තවත්
    මුල් පිටුවspecialකම්කරුවන් දෙන්නෙක් චීන මහා ප්‍රාකාරය හරහා පාරක් කපලා

    කම්කරුවන් දෙන්නෙක් චීන මහා ප්‍රාකාරය හරහා පාරක් කපලා

    චීනයේ මධ්‍යම ෂාන්සි පළාතේ ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් විසින් එක්ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් චීනයේ මහා ප්‍රාකාරයේ කොටසකට දැඩි ලෙස හානි කර ඇති බවට වාර්තාවේ.

    ඉදිකිරීම් ආයතනයක කම්කරුවන් දෙදෙනෙකු විසින් තම ඉදිකිරීම් කටයුතු කරනු ලබන ස්ථානයට පහසුවෙන් ලඟා වීම සඳහා කෙටි මාර්ගයක් නිර්මාණය කිරීමට මෙලෙස චීන මහා ප්‍රාකාරය හානි කර ඇති බවට සැක කරන බව චීන පොලිසිය පවසයි.

    සැකකාර කම්කරුවන් දෙදෙනා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුරුෂයකු සහ 55 හැවිරිදි කාන්තාව බවට අනාවරණය වේ.

    චීන මහා ප්‍රාකාරයේ යම් කඩා වැටීමකට ලක්ව ඇති ප්‍රදේශක් හරහා මෙලෙස කැනීම කර ඇති බවට වාර්තාවේ. එහිදී අදාල කම්කරුවන් දෙදෙනා එක්කැවේටර් යන්ත්‍රයක් යොදා ගෙන ප්‍රාකාරයේ ඒවන විට පැවති කුහරයක් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

    මෙලෙස ප්‍රකාරය හරහා මාර්ගයක් තැනීම මගින් ඔවුන්ට ගමන් කිරීමට තිබූ දුර විශාල වශයෙන් අවම කර ගැනීමටද අදාල පුද්ගලයා හා කාන්තාව සමත්ව ඇති බවටද චීන පොලිසිය සඳහන් කරයි.

    ඔවුන් දෙදෙනා විසින් චීන මහා ප්‍රාකාරයෙහි අඛණ්ඩතාවයට සහ සංස්කෘතික සහ පුරාවස්තුවලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ලැබ ඇති බව ද පොලිසිය අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img