Home උණුසුම් පුවත් වසා දැමෙන – වේගය වැඩි කරන දුම්රිය මාර්ග ගැන දැනුම්දීමක්

වසා දැමෙන – වේගය වැඩි කරන දුම්රිය මාර්ග ගැන දැනුම්දීමක්

වසා දැමෙන – වේගය වැඩි කරන දුම්රිය මාර්ග ගැන දැනුම්දීමක්

උතුරු දුම්රිය මාර්ගය ලබන ජනවාරි මාසයේ සිට තාවකාලිකව වසා දැමේ.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මාස ​​6 කාලයක් සඳහා සිදු කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම පියවර ගැනේ.

ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් දුම්රිය ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව, දුම්රිය ධාවනයේ වේගය වැඩි කිරීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ගයේ වේග සීමා ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here