Home special දඹුල්ල අවුරා අවසන් තරගයට

දඹුල්ල අවුරා අවසන් තරගයට

0
දඹුල්ල අවුරා අවසන් තරගයට

ගාල්ල ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් දඹුල්ල අවුරා කණ්ඩායම අද(17) ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146ක් ලබා ගත්හ. සාර්ථක පිතිකරණයක නිරත වූ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු හැට එකක දී ලකුණු 80ක් ලබා ගත්තේය‍.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 19.4ක දී කඩුලු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්හ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අනගි පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු තිස් නවයක දී ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු හතළිස් පහක දී ලකුණු 49ක් ලබා ගත්හ.

මෙම තරගය පරාජයට පත් වුව ද බී.ලව් කැන්ඩි කණ්ඩායම සමඟ ලබන සෙනසුරාදා තරග කිරීමෙන් අවසන් මහා තරගයට ළඟා වීමේ අවස්ථාව තවමත් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට තිබේ.

ගෝල් ටයිටන්ස් 146 (20)

දඹුල්ල අවුරා 147/4 (19.4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here