Home special ගිනිහුළඟින් අළු වූ හවායිහි පාරාදීසයේ මරණ දෙගුණ තෙගුණ වන බවට අනතුරු ඇඟවීමක්

ගිනිහුළඟින් අළු වූ හවායිහි පාරාදීසයේ මරණ දෙගුණ තෙගුණ වන බවට අනතුරු ඇඟවීමක්

ගිනිහුළඟින් අළු වූ හවායිහි පාරාදීසයේ මරණ දෙගුණ තෙගුණ වන බවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවට අයත් හවායි දූපත් සමුහයේ පිහිටි මාවුයි දූපත් කලාපයේ පසුගිය සතියේ සිට ඇදී යන මාරාන්තික ලැව් ගින්න, ගිනි සුළිකුණාටුවක් වී හමාගොස් එම කලාපයම මුළුමනින්ම අළු වී ඇතැයි එරට වාර්තා පවසයි.

මේ වනවිට හදුනාගෙන ඇති මියගිය සංඛ්‍යාව 100ක් පමණ වුවද එය දෙගුණ හෝ තෙගුණ විය හැකි බව එහි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

මෙම ගිනිසුළඟ මිනිත්තුවකට සැතපුම් ගණනක් වේගයෙන් ලහයිනා ද අළු කරමින් දවාඇත.

ගින්නට ගොදුරු වූවන් සෙවීම සඳහා ගවේෂණ කණ්ඩායම් දිගටම මෙහෙයමුවල නිරතව සිටී.

මෙය හවායි දුපත් ඉතිහාසයේ සිදුවූ මාරාන්තිකම ස්වභාවික ව්‍යසනයයි.

ගවේෂණ කණ්ඩායම්වලට මළසිරුරු සොයාගැනීමට සුනඛයන් උදව් කරමින් සිටියත් සිය ගණනක් මිනිසුන් තවමත් හඳුනාගෙන නොමැති බව ද එරට වාර්තා පවසයි.

මාවුයි කලාපයේ පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් මාධ්‍ය්‍යට පැවසුවේ, උපරිම ධාරිතාවයෙන් යුතුව කටයුතු කළත්, පසුගිය සෙනසුරාදා රාත්‍රිය වන විට මළ සිරුරු හඳුනා ගැනීමට පුහුණු කරන ලද සුනඛයන් සහිත කණ්ඩායම් ආවරණය කර තිබුණේ ප්‍රදේශයෙන් 3%ක් පමණ පමනක් බවයි.

දිනකට සිරුරු 10ත් 20ත් අතර ප්‍රමාණයක් සොයාගත්තද දින 10ක් හෝ ඊට වැඩි කාලයක් සම්පූර්ණ සිරුරු සොයාගැනීමට ගතවනු ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති.

සිරුරු සොයාගැනීමේ කර්තව්‍යයද අතිශය අවදානම් තත්ත්වයක පවතින බවට ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here