තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුමේ අලුත් තත්ත්වය

    අස්වැසුමේ අලුත් තත්ත්වය

    අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මාසයේ දී අවසන් වීමට නියමිතය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියාසිටියේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමිනි.

    එම කරුණුවලට අනුව සමාලෝචනය අවසන් වනවිට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මිලියන දෙක සම්පූර්ණ කරනු ඇත.

    මේ වනවිට අස්වැසුම පිළිබඳ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ අභියාචනා 1,024,059ක් සහ විරෝධතා 124,495ක් ලැබී තිබේ.

    දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ ප්‍රතිලාභී කණ්ඩායමකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල් 84,374ක් වෙනුවෙන් දැනට ඔවුන් තේරී පත්වී ඇති කාණ්ඩය යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදුකිරීමට නියමිතය.

    ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ලක්ෂ 13ක පමණ තොරතුරු මේ වන විට පද්ධතියට ලැබී ඇත.

    නව ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු රාජ්‍ය බැංකු මගින් සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම සඳහා දැනට අයදුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් අස්වැසුම සඳහා සුදුසුකම් සපුරා ඇත.

    අයදුම් කළ පවුල් අතරින් සුදුසුකම් නොලැබූ පවුල් 393,094ක් වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තුරු සමෘද්ධි ප්‍රතිලාභ අඛණ්ඩව ගෙවීම සිදුකෙරේ.

    පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ඉලක්කයයි.

    අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් වීමේ දී එම ඉලක්කගත පවුල් ප්‍රමාණයට ප්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img