තවත්
    මුල් පිටුවspecialචීනයට අවධමන තත්ත්වයක්

    චීනයට අවධමන තත්ත්වයක්

    චීන ආර්ථිකයේ 2021 වර්ෂයෙන් පසුව පළමු වරට අවධමන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට බ්‍රිතාන්‍යෙය් ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

    ඒ අනුව චීනයේ පාරිභෝගිත මිල දර්ශක පහත වැටීමෙන් පසුව චීන ආර්ථිකය දැඩි අවදානම්කාරී තත්ත්වයකට පත්ව ඇති බවත් එමගින් කොරෝනා වසංගතයෙන් පසුව ආර්ථික ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීම අභියෝගක් වී ඇති බවත් අදාල පුවත්පත පෙන්වා දෙයි.

    චීනයේ පාරිභෝගිත මිල දර්ශකය 0.3% කින් පහත වැටී ඇති බවට අද දින නිකුත් කළ දත්ත වාර්තා වලින් අනාවරනය වේ. මෙම තත්ත්වය හමුවේ චීන රජය විසින් අවධමන තත්ත්වය ඇති වීම වැලැක්වීමට අභිප්‍රේරක යොදා ගැනීමට පියවර ගතයුතු බවටද ආර්ථීක විශ්ලේෂකයින් පේනවා දෙයි.

    කොරෝනා වසංගත තත්ත්වයේදී ලොව අනෙකුත් විශාල ආර්ථිකයන් ආර්ථීක උත්ප්‍රේරක භාවිතා කිරීමට කටයුතු කළද චීනය හුදෙක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට පමණක් අවධානය යොමුකර තිබිණි. එහිදී වසර තුනක කාලයක් ආර්ථිකය වෙනුවට වෛරසය පැතිරයාම වැලැක්වීමට චීන රජය අවාධානය යොමුකර තිබිණි.

    චීනය ආර්ථීකය නැවත විවෘත කිරීමෙන් පසුව ආර්ථික උත්තේජනය කිරීමට පොලී අනුපාත පහත හෙලීම බදු සහන ලබාදීම වැනි දෑ කළද මූලික උත්ප්‍රේකර ලබා දීමෙන් වැලකී සිටීමට පාලන කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබිණි.

    කෙසේවෙතත් කොරෝන වසංගත තත්ත්වයත් සමඟ සැලකියුතු චීන වැසියන් පිරිසකට සිය රැකියා අහිමි වූ අතරම එරට දේපල වෙළදාම් ක්ෂේත්‍රයද බරපතල ලෙස කඩා වැටීමටක ලක්විය. එම තත්ත්තවයත් සමඟ චීන ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවෙක් මුදල් වැයකිරීමේ හැකියාව පහල යෑමත් සමඟ අවධමන තත්ත්වය නිර්මාණය විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img