යුරෝපය පුරාවට මේවන විට බලපා ඇති තාප තරංග හේතුවෙන් පවතින අධික උණුසුම හේතුවෙන් ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට වාර්තාවේ.
ඒ අනුව ඉතාලියේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල පෙර වර්ෂවලට සාපෙක්ෂව ජූලි මාසයේදී මරණයට පත්වූ පිරිස සියයට 7කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශ වර්තා සඳහන් කරන්නේ ඉතාලියේ වාර්තා වූ සෙල්සියස් අංශක 40 ඉක්මවූ වර්තාගත උෂ්ණත්වය හේතුවෙන් වසර අවුරු 75 සහ ඊට වැඩි ජනහනයට දැඩි ලෙස බලපා ඇති බවයි.
එමෙන්ම එමගින් බලාපොරාත්තු වූ මට්ටමට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
මෙහිදී වැඩිවන මරණ අනුපාතයන් විශේෂයෙන්ම ඉතාලියේ දකුණු ප්‍රදේශයේ Bari, Catania සහ Reggio Calabria වැනි නගරවල දක්නට ලැබිණි.
පසුගිය මාසයේ දකුණු යුරෝපයට බලපෑ දැඩි තාප තරංග තත්ත්වයේදී ඉතාලියට එහි වැඩි බලපෑමක් ඇති විය.
එහිදී ඉතාලිය පුරා දැඩි කාලගුණික තත්ත්වයක් ඇති වීම් විශාල වශයෙන් සිදුවිය. ඒ අනුව අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් ඇති වූ ලැව් ගිනිවලින් ඉතාලියට දැඩි බලපෑමක් සිදුවූ අතරම අයහපත් කාලගුණ හේතුවනේ මරණද වාර්තා විය.
යුරෝපයට බලපා ඇති මෙම දැරුණු උණුසුම් කාලගුණ තත්ත්වය මානව හිමිකම් හේතුවෙන් ඇතිව තිබෙන කාලගුණ විපර්යාසයේ සෘජු ප්‍රතිඵල බවටද පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරයේදී කාගුණික විපර්යාසයන්ගේ සීඝ්‍ර ඉහළයාමක්ද දක්නට ලැබිය හැකි බවදට ඔවුන් පෙන්වා දෙයි.