Home special බාර්බි මේනියාව මිනීපෙට්ටියටත් යයි

බාර්බි මේනියාව මිනීපෙට්ටියටත් යයි

බාර්බි මේනියාව මිනීපෙට්ටියටත් යයි
එංගලන්තයේ හැම්ප්ෂයර්හිදී 14 වියැති දැරියකගේ අවමඟුල බාබි තේමාවෙන් කළ අවස්ථාවක්

බාර්බි නවතම සිනමාපටයත් සමඟ ලෝකය පුරා බාබිලෝලීන් දකින දකින තැන රෝස පැහැ ගන්වන්නට කටයුතු කරමින් සිටියදී එල් සැල්වදෝරයෙන් අසන්නට ලැබෙන්නේ ඒ බාබිමේනියාවේ අන්තයටම ගිය පුවතකි.

එනම් ග්වාතමාලාවේ මායිම අසල අවුචාපන් නගරයේ ඇල්ෆා සහ ඔමේගා අවමංගල්‍ය ශාලාවල රෝස පැහැ ගැන්වූ ලීයෙන් සකස් කරන ලද බාබි මුහුණු පින්තාරු කළ ලයිනින් යෙදූ මිනී පෙට්ටි අලෙවියට තබා තිබීමෙනි.

හිමිකරු ඉසාක් විලේගාස් පැවසුවේ බාර්බි චිත්‍රපටයේ ජූලි මංගල දර්ශනයට පෙර රෝස මිනී පෙට්ටි විකල්පය සිය පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කළ බවයි.

ලතින් ඇමරිකාව පුරා පැතිර ගිය බාබි උන්මාදය නිසා බෝනික්කාගේ පින්තූරවලින් මිනී පෙට්ටිවල රෙදිපිළි අලංකාර කිරීමට හිමිකරුට ඕනෑ විය.

ලතින් ඇමරිකාව රෝස පැහැති ආහාර එනම්, ටාකෝ සහ පේස්ට්‍රි, බාර්බි ලාංඡනය සහිත වාණිජ ගුවන් යානා, දේශපාලන දැන්වීම් මෙන්ම බාර්බි තේමා කරගත් විරෝධතා සමඟ බාර්බි උන්මාදයට ලක්ව සිටි.

‘මම කියන්නේ අපි මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ඕන’ කියන විලේගාස් මිනී පෙට්ටි ගැන පැවසුවේ, ‘ඒක සාර්ථකයි’ යනුවෙන් ද සඳහන් කරමිනි.

අවමංගල්‍ය ශාලාවලින් දැනටමත් බාර්බි මිනීපෙට්ටි පිළිබඳ ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඒවායින් 10 ක් විකුණා ඇති බව ද ඔහු පැවසීය.

“ඇත්ත වශයෙන්ම පුද්ගලයන් 10 දෙනෙකු ඒ පෙට්ටිවල තැන්පත් කළ බව එයින් අදහස් වෙන්නේ නෑ” යැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ එල් සැල්වදෝරයේ බොහෝ අය අනාගත භූමදානය සඳහා පෙර ගෙවුම් පැකේජයක් මිලදී ගන්නා බවයි.

මිනීපෙට්ටි අලෙවිකරුවන්ගේ ප්‍රවර්ධන පුවරුවක “දැන් ඔබට බාබි කෙනකු සේම සමාදානයේ සැතපෙන්න පුළුවන්” යැයි සඳහන් විය.

එංගලන්තයේ හැම්ප්ෂයර්හිදී 14 වියැති දැරියකගේ අවමඟුල බාබි තේමාවෙන් කළ අවස්ථාවක්
මෙක්සිකෝවේ අවමංගල්‍යයකදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here