ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට අදාල ඉතා සංවේදී තොරතුරු චීනයට ලබාදීමේ චෝදනාව මත එක්සත් ජනපද නාවික හමුදාවේ නාවිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද නිලධාරීහූ බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළහ.
ඒ අනුව 26 හැවිරිදි නාවිකයෙකු වන වෙන්හෙන්ග් ෂාඕ විසින් ඉතා සංවේදී එක්සත් ජනපද හමුදා තොරතුරුවල ඡායාරූප සහ වීඩියෝ ඇමරිකානු ඩොලර් 15,000 කට ආසන්න මුදලකට විකුණා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එමෙන්ම තවත් එක්සත් ජනපද නාවික හමුදාවේ නාවිකයෙකු වන ජින්චාවේ වෙයි විසින්ද ඇමරිකානු ඩොලර් දහස් ගණනකට චීනයට ජාතික ආරක්ෂක තොරතුරු ලබාදීමේ කුමන්ත්‍රණයක නිරතව සිට ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
එක්සත් ජනපද සහකාර නීතිතපි මැට් ඔල්ස්න් මාධ්‍ය වෙත ප්‍රකාශ කරඇත්තේ පුද්ගලියන් කීපදෙනෙකුගේ ක්‍රියාවන් හේතුවෙන් සංවේදී හමුදාතොරතුරු චීනය රජය අතට පත්ව ඇති බවයි.
මෙහිදී ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා අභ්‍යාස පිළිබද තොරතුරු ෂාඕ විසින් චීන බුද්ධි අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇත. මෙහිදී ජපානයේ ඔකිනාවා හි එක්සත් ජනපද හමුදා කඳවුරක රේඩාර් පද්ධතියක් සඳහා විදුලි රූප සටහන් සහ සැලැස්ම යැවීමටද පියවර ගෙන ඇති බවට අනාවරණය වේ.
මේ අතර වෙයි හට ඔහු සේවය කළ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නවීන ප්‍රහාරක නෞකාවක් වන යූඑස්එස් එසෙක්ස් මෙන්ම එසෙක්ස් හි ආයුධ, බල ව්‍යුහය සහ මෙහෙයුම් පිළිබඳ තාක්ෂණික අත්පොත් දුසිම් විශාල සංඛ්‍යාවක් ඇතුළු අනෙකුත් ඇමරිකානු යුද නැව් පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් සිද්ධීය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී චීනය විසින් ඇමරිකානු යුධ රහස් ලබා ගැනීමේ මෙහෙයුමක නිතරව ඇත බවටද චෝදනා එල්ල කරනු ලැබීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිපිය සම්පාදනය කරන අවස්ථාවන විට චීන රජය විසින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.