තවත්
    මුල් පිටුවspecialපියයුරු පිළිකා කලින් හඳුනාගන්න කෘතිම බුද්ධිය

    පියයුරු පිළිකා කලින් හඳුනාගන්න කෘතිම බුද්ධිය

    පියයුරු පිළිකා පරීක්ෂාවේදී කෘතිම බුද්ධිය භාවිකා කිරීම ඉතා ආරක්ෂාකාරී මෙන්ම විකිරණවේදීන්ගේ වැඩ ප්‍රමාණය අඩකින් පමණ අඩු කිරීමට සමත්ව ඇති බව නවතම අත්හදා බැලීම් වලින් අනාවරණය වී තිබේ.

    ඒ අනුව කෘතිම බුද්ධි භාවිතා කිරීම මගින් රෝග පිළිබඳ පුරෝකථනය වැඩිදියුණු කිරීමට හැකියාව උදාවන අතර එමගින් මූලික අධියරේදීම පියයුරු පිළිකා හඳුනා ගැනීමට ඊට කඩිනමින් ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදවීම මගින් මරණ අනුපාත අඩුකර ගැනීමටද හැකියාව උදාවන බවට පර්යේෂකයින් පේනවා දෙයි.

    විශාල පරාසයක කළ පුළුල් අධ්‍යයනයක මූලික ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ කෘතිම බුද්ධි මගින් පියයුරු පිළිකා පරීක්ෂාවට ලක්කිරීම විකිරණවේදීන් දෙදෙනෙකු එකට වැඩ කිරීම තරම් ඵලදායී බවටත් නිසි පරිදි පිළිකා තත්ත්වයන් හඳුනා ගනිමින් විකිරණවේදීන්ගේ කටයුතු වඩාත් පහසු කිරීමට හැකියාව ලැබෙන බවයි.

    කාන්තාවන් අසූ දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත් දැවැන්ත නියැදියක් යොදගෙන සිදුකළ මෙම පාලිත අත්හදා බැලීමේ විශ්ලේෂණ ප්‍රතිඵල Lancet Oncology සඟරාවේ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.

    මැමෝග්‍රෑම් පරීක්ෂණ වලදී පියයුරු පිළිකාව නිවැරදිව හඳුනාගැනීමට කෘතිම බුද්ධි හට හැකියාවක් පවතින්නේද යන්න පරීක්ෂා කරන අධ්‍යයනයන් මීට පෙර සිදු කළ අතර එහිදී වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන ලද ස්කෑන් පරීක්ෂණ ඇගයීමට ලක් කරන ලදී. නමුත් සාමාන්‍ය වයස අවුරුදු 54ක් වන ස්වීඩනයේ කාන්තාවන් යොදා ගෙන කෘතිම බුද්ධි යොදාගෙන කළ මෙම නවතම අධ්‍යයන්‍යයන් මෙතෙක් කළ සාමාන්‍ය සත්කාර සමඟ සෘජුවම සංසන්දනය කළේය.

    ඒ අනුව මෙම ස්කෑන් පරීක්ෂණ වලින් අඩක් විකිරණවේදීන් දෙදෙනෙකු විසින් තක්සේරු කරන ලද අතර අනෙක් අඩක කොටසට කෘතිම බුද්ධිය සහය ලබා ගත් අතර පසුව විකිරණවේදියෙකු හෝ දෙදෙනෙකුගේ අර්ථ නිරූපණයකින් තක්සේරු කරන ලදී.

    සමස්තයක් වශයෙන්, කෘතිම බුද්ධි සහාය ලබාගත් පරීක්‍ෂණයෙන් වලින් කාන්තාවන් 244 එනම් සියයට 28ක්ද සමාන්‍ය ක්‍රමවේදනයන්ට අනුව පරීක්ෂාවට ලක්ක කාන්තාවන් 203 ක් එනම් සියයට 25කට පිළිකා ඇති බව සොයා ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම බුද්ධි සහාය ඇතිව තවත් පිළිකා 41ක් හඳුනා ගැනීමට හැකි වූ අතර ඉන් 19ක් ආක්‍රමණශීලී වූ පිළිකා ඇති බවත් තවත් පිරිසකට සාමන්‍ය මට්ටමකින් පැතිර යනා පිළිකාවන්ට ගොදුරව ඇති බවට 22ක් හඳුනා ගැනීමට හැකියාව ලැබිණි.

    ඒ අනුව මෙම පරීක්ෂණ වලින් කෘතිම බුද්ධි සහය ඇතිව මැමෝග්‍රැෆි පරීක්ෂාව සම්මත ද්විත්ව කියවීම හා සසඳන විට සමාන පිළිකා හඳුනාගැනීමේ අනුපාතයක් පවතින බවත් එමගින් මැමොග්‍රැෆි පරීක්ෂාවේදී කෘතිම බුද්ධි භාවිතය ආරක්ෂිත බව පෙන්නුම් කරන බවද පර්යේෂකයින් පෙන්වා දෙයි.

    මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් සම්පාදනය කළ පර්යේෂණ ලිපියේ ප්‍රධාන කර්තෘ වන ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ක්‍රිස්ටිනා ලාං පැවසුවේ: “බොහෝ රටවල පවතින විකිරණවේදි හිඟය විසඳීම සඳහා නව කෘතිම බුද්ධී තාක්ෂණය යොදාගෙන මැමොග්‍රැෆි පරීක්ෂාවන් ක්‍රියාත්මක කිරීම ආරක්ෂික මට්මටක පවතින බවට මෙමගින් පෙන්නුම් කරනවා නමුත් ඒ සඳහා මෙම අධ්‍යනය ප්‍රමාණවත් නොවේ.“ යනුවෙනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම කාන්තාවන් මිලියන 2.3 කට වඩා වැඩි ප්‍රමාණයක් පියයුරු පිලිකාවන්ට ගොදුරු වන අතර එය ගෝලීය වශයෙන් බහුලව පවතින පිළිකාව වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img