යුක්රේන-රුසියානු යුද පිටියේදී කෙටි වේලාවක් තුළ යුක්රේනයට අයත් යුද ටැංකි දෙකක් ඇතුළු සන්නද්ධ රථ 8ක් තනිවම විනාශ කළ රුසියානු ‘අල්යෝෂා’ යුද ටැංකි කාර්ය මණ්ඩලයට රුසියානු සමූහාණ්ඩුවේ වීරත්වයේ රාජ්‍ය සම්මාන පිරිනමා තිබේ.
රුසියාවේ තනි යුද ටැංකියක් විසින් යුක්රේන පාර්ශ්වයෙන් එවූ නේටෝ යුධෝපකරණවලින් සන්නද්ධ රථ පෙළක්ම තනිව විනාශ කිරීමේ වික්‍රමය සමරනු වස් මෙම පදක්කම් පිරිනැමීම කර ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසිනි.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් විසින් ද මාධ්‍ය වෙත මේ බව තහවුරු කර ඇත.
යුක්රේනයට අයත්, ජර්මානු හෝ සෝවියට් නිෂ්පාදනදැයි හඳුනාගැනීමට අපහසු වූ යුද ටැංකි දෙකක් සහ ඇමරිකානු මැක්ස්ප්රෝ සන්නද්ධ රථ 6ක් අල්යෝෂා රුසියානු යුද ටැංකිය මෙලෙස විනාශ කර ඇතැයි එරට වාර්තා පවසයි.
එම ප්‍රදේශය බිම්බෝම්බ සහිත කලාපයක් බැවින් යුද ටැංකි පෙළට ගමන් කිරීම සඳහා, යුක්රේන සැපර්ස් බිම්බෝම්බ ඉවත් කිරීමේ බලසේනාව විසින් එක රැයකින් ඒවා ඉවත් කිරීමට උත්සාහ කර ඇති බවට රුසියාව පවසයි.
සිය හමුදා බුද්ධි නිලධාරීන් ඒ බව දුටුවත් ඔවුන් බිම්බෝම්බ ඉවත්කිරීමේ යුක්රේන සැපර්ස්ලාට අත නොතැබූ බවත් එවැනි බිම්බෝම්බ ඉවත් කිරීම එසේ සිදුනොවන බව දැන සිටි බවත් රුසියානු හමුදාව පවසයි.
ඒ සඳහා අවශ්‍ය නිසි තාක්ෂණික යුදෝපක්රමය භාවිත කළ බවට රුසියාව පවසා තිබේ.
එබැවින්, යුක්රේන සැපර්ස් බලසේනාව පිටත්ව ගිය පසු, අලුත් පතල් ස්ථාපනය කරමින් යුක්රේන හමුදාව විස්මයට පත්කිරීමේ ක්‍රියාමාර්ග ගත් බව රුසියානු වාර්තාවේ දැක්වේ.
බිම් බෝම්බ කලාපයේ සිට කිලෝමීටරයක් දුරින් වනාන්තර තීරයේ රුසියානු T-72B3 හෙවත් අල්යෝෂා යුද ටැංකිය හුදෙකලා ස්ථානයක සැඟවී සිට ඇත.
සතුරාගේ එන්ජින්වල ඝෝෂාව මුලින්ම ඇසුණේ රුසියානු ඉලෙක්ට්‍රොනික යුධ පද්ධති ක්‍රියාකරුවන්ට සහ අසල්වැසි ප්‍රදේශයේ කාලතුවක්කු වෙඩි තැබීම නිවැරදි කරමින් සිටි ඩ්‍රෝන යාත්රාවලටයි.
එහිදී අධීක්ෂණයේ යෙදුණු හඬක් පටිගත කිරීම අතරතුර ඇසී ඇත්තේ ‘මම බලාගෙන ඉන්නවා, අපි යමු. ටැංකි දෙකක්, සන්නාහ සන්නද්ධ වාහන හයක්… අනික අපිට එතන එක අල්යෝෂා එකයි අල්යෝෂා එකයි…’ යනුවෙනි.
නමුත් තම හමුදාවේ සූක්ෂම උගුල් කිසිදු වැරදීමකින් තොරව ක්‍රියාත්මක වූ බව රුසියාව පවසයි.
ප්‍රතිඵලය වූයේ යුක්රේන යුද ටැංකි දෙක ඇතුළු සන්නාහ සන්නද්ධ රථ 8ම සහ යුක්රේන සෙබළුන් 50ක් පමණ අල්යෝෂා විසින් විනාශ කිරීමයි.
යුක්රේන ටැංකිවලට සටනක නියැලීමටවත් කාලයක් නොතිබීම සැලකිය යුතු කරුණක් බව විශ්ලේෂකයන්ගේ මතයයි. එය ‘විනාඩි 4ක වික්රමයක රහස’ යනුවෙන් ඇතැම් වාර්තාවල සටහනක් පළවී ඇත.
මෙම වික්‍රමය ජනතාව අතරට ගොස් ඇත්තේ හමුදා ඩ්‍රෝනයකින් පටිගත කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ වීම මගිනි.
‘අල්යෝෂා’ ටැංකියේ රූපය වීඩියෝවෙන් හඳුනාගෙන ඇති අතර මෙය ටැංකියේ අණ දෙන නිලධාරියාගේ ඇමතුම් ලකුණ බව පැවසේ. එය ‘Alyosha 2-0’ ලෙස නම් කර ඇත.
ඩ්‍රෝන යානයකින් රූගත කරන ලද වීඩියෝවක් ලෝකයේ සමාජ ජාල පුරා පැතිරීමත් සමඟ හමුදා කවියෙකු වන කර්නල් සර්ජි යෙෆිමොව් විසින් මෙම වික්රමාන්තිවතය ගැන මෙසේ නිසඳැස් පබැඳුමක් කර තිබේ.
‘අල්යෝෂා’ දිනන්ට පටන් අරන්
දකුණු අනුඛණ්ඩයේ සිට මා බලා හිඳිම්
මිලිටරි රථ පෙළකි: යුද ටැංකි දෙකකි පෙරමඟ යන
බීප්ස් සයකි, කවුරු හමුවන්නට ද?
යුදබිමේ අපේ රණශූරයා,
එකම ‘අල්යෝෂා’ පමණි.